Wednesday, March 16, 2011

මට ජය වේවා...!

ආයිබෝවන්ඩ ඇත්තෝ... ඕං ඔය ඉඩ තියන හැටියකට පුලූ පුලූවං තැං වලිං ඈදි ගත්තනං. හැබෑටම හෙට නේද උන්නැහේ මනාප පොරේ. ඕං ඉතිං බලමුකෝ ඒකෙත් හැටි නේද? අනේ ඇත්තට ගොයියෝ මේ මනාප පොරේ කාලෙට අපේ ගංකොරේ කොයි තරං නං සිරියාවන්ත කමක් ගන්නවාද?

ඕං බලන්න ඇත්තෝ....

සමහර ඇත්තෝ තාප්ප වල දත් 32 පෙන්නං ඉන්නවා... සිරියාවන්ත කමේ බෑ අප්පා. අනේ අම්මපා ගොයියෝ ඒ හිනාවල් දැක්කාම ආසාවේ බෑ කොයි තරං කාලෙකට පස්සේද ඒ ඇත්තෝ හිනා වෙන්නේ... මෙව්වා දැක්කාම ගොයියෝ අම්බලන්ගොඩයාට මතක් වෙනවා ගැටයා සන්දියේ දැනගත්තු කවියක්

රන් ටිකිරි සිනා - මුව මුව පාලා
ලංවී අත් අල්ලාගෙන - ඇස් දැල්වූවා...


තව සමහර ඇත්තෝ ඉන්නවා වැදගත්ත ගමං... අනේ සාදු කියලා හිතෙනවා දැක්කාම.පිං පාට උතුරනවා..අනේ අම්මපා ගෙදර ගෙනැත් දුං අල්ලන්න හිතෙනවා..

ඕං තව ඇත්තෝ කට්ටියක් ලයිට් කණු උඩ ටටා කියා ගත්තු ගමන් මයි. අනේ ඉතිං දැක්කාම දුකේ බෑ අපි ගැනම.මොකැ ඉතින් මේ ඇත්තෝ මනාප පොරෙන් පස්සේ කවුන්සිලේට ගියාම මනාප දුන්නු ඇත්තොන්ට ටටාම තමයිනේ අයිබෝං...

කෝමිං කෝම හරි මේ ඇත්තෝ දින්නාවේකෝ... හැබැයි ඉතිං වෙනදා වගේම මනාපෙ දීලා අපේ ඇත්තොන්ට පස්ස බිම ඇණගන්න වෙයිද කියලා අම්බලන්ගොඩයාට හැකයි. මොකෑ කියනවනං උන්නැහේ මේ ඇත්තෝ ආයේ දෑහට දකින්න තව කාලාංතරයක් බලං ඉන්ට වෙනවා නෙව.එතකං ඉතිං ඔය ඉටිකිරිස් මූණු ටික බලලා හැනහෙමු.

ඔන්න ඕකයි සංතෑසිය ආයිබෝං...

ඕං ඉතිං ඔය අල්ල පනල්ලේ අම්බලන්ගොඩයාටත් හිතුනා මනාපෙ ඉල්ලන්න ඕන කෙහෙල් ගෙඩියක් වෙච්චාවේ කියලා අම්බලන්ගොඩයාටත් මනාපයක් දාලා යන්නකෝ... ඕං පල්ලේ තියනවා අංකෙයි සලකුණයි...




එහෙනං...
මට ජය වේවා...!





4 comments:

  1. එල පොස්ට් පොඩ්ඩ......
    මගේ බ්ලොග් පොඩ්ඩටත් පලෝ පාරක් දානවද අම්බලන්ගොඩයෝ

    ReplyDelete
  2. අනේ අම්මපා ඔව් හැබෑ නේන්නම් මේ අය ඔක්කෝම අපිට උදව්වට වගේ දත් විල්‍රිස්සගෙන හිටියට හිතේ තියෙන්නේ "මට ජය වේවා" කියම වෙන්ටෑ

    ReplyDelete
  3. අනේ අම්මපා ඔව් හැබෑ නේන්නම් මේ අය ඔක්කෝම අපිට උදව්වට වගේ දත් විල්‍රිස්සගෙන හිටියට හිතේ තියෙන්නේ "මට ජය වේවා" කියලම වෙන්ටෑ

    ReplyDelete
  4. මේ දවස් කීපයේ අපේක්‍ෂක අයියලා අක්කලා කස්ටිය ගැන්සි පිටින් පාරට බැහැලා . කානු කපනවයි ශ්‍රමධාන කරනවයි එක කෙලියයි . බලා පල්ල ඔන්න හෙටින් පස්සේ ඔය එකෙකුටවත් අපි ගැන වගේ වගක් නෑ ...

    ReplyDelete