Sunday, May 1, 2011

Royal Wedding ( නොද..KING )

පුහ්...!
ලෝක පුරසිද්ද කොරලා මහා ලොකුවට ගත්ත වෙඩිම නොවැ රෝයල් වෙඩිං. අම්බලන්ගොඩයාටත් හිතුනා යමක් කියන්න.


ඔන්න ඔය රෝයල් වෙඩිම ලංකාවේ අපට වැදගත් දෙයක්ද? අනේ මම නං හිතන්නේ නෑ.


කල්පනා කරලා බලහල්ලා කොයි තරම් නාස්තිකාර වැඩක්ද ඕක.
ඔය මගුලට ගිය සල්ලි වලිං දුප්පත් රටවල් කීයකට අධාර දෙන්න තිබුණද?
ඔය මගුලට ගිය සල්ලි උන්ගේම රටේ උපයපු එව්වද? නෑ...නෑ... දුප්පත් රටවල් වලින් සූරන් කාපු එව්වත් බහුතරයක්..
නොදකිං කාරනේ කියන්නේ මේ මගුල අපේ මගුලක් කොර ගත් උනුත් ඉන්නවානේ.


අනේ අම්මාපා ලැජ්ජ නැති හැටි.
  • සමහරක් මේ මගුල බැලූවා කියලා ආරංචියි දාහක් වැඩ පාඩු කොරං
  • සමහරක් මූණු පොතේ පිංතූරු වල දාගෙන
  • සමහර ආයතනත් එව්වටම ආවැඩුවා කියලා ආරංචියි... (සමහර සැටලයිට් ටීවි වලින් නොමිලේම බලන්න දුන්නා කියන්නේ)
  • .
  • .
          ect


නොද...king


හත් ඉලව්වේ  ඕකට තමයි කියන්නේ සුද්දාගේ කීක්...! කීක්....! කීක්.....! කී.... ( බලධරයා විසින් කපා හරින ලදී. )


බොලව් සිංහලූනේ... සුද්දා උන්ගේ මගුල කාපුදෙන්.තොපි ඒකට ආවඩන්නැතිව හිටු.තොපි උන්ගේ ජොගි වලට ආවඩනවා කියන්නේ...1948 පර සුද්දාගෙන් ලක් මව් බේරා ගන්න ජිවිතය පුජා කරපු අපේ වීරයොන්ට කරන නව නිංගිරාවක්.


අපේ මුතුන් මිත්තෝ මිනී වලවල් වල ඉදන් සාප කරයි බොලව්.!
කුජ්ජං නොවී ඉන්න බලහල්ලා...

Wednesday, March 16, 2011

මට ජය වේවා...!

ආයිබෝවන්ඩ ඇත්තෝ... ඕං ඔය ඉඩ තියන හැටියකට පුලූ පුලූවං තැං වලිං ඈදි ගත්තනං. හැබෑටම හෙට නේද උන්නැහේ මනාප පොරේ. ඕං ඉතිං බලමුකෝ ඒකෙත් හැටි නේද? අනේ ඇත්තට ගොයියෝ මේ මනාප පොරේ කාලෙට අපේ ගංකොරේ කොයි තරං නං සිරියාවන්ත කමක් ගන්නවාද?

ඕං බලන්න ඇත්තෝ....

සමහර ඇත්තෝ තාප්ප වල දත් 32 පෙන්නං ඉන්නවා... සිරියාවන්ත කමේ බෑ අප්පා. අනේ අම්මපා ගොයියෝ ඒ හිනාවල් දැක්කාම ආසාවේ බෑ කොයි තරං කාලෙකට පස්සේද ඒ ඇත්තෝ හිනා වෙන්නේ... මෙව්වා දැක්කාම ගොයියෝ අම්බලන්ගොඩයාට මතක් වෙනවා ගැටයා සන්දියේ දැනගත්තු කවියක්

රන් ටිකිරි සිනා - මුව මුව පාලා
ලංවී අත් අල්ලාගෙන - ඇස් දැල්වූවා...


තව සමහර ඇත්තෝ ඉන්නවා වැදගත්ත ගමං... අනේ සාදු කියලා හිතෙනවා දැක්කාම.පිං පාට උතුරනවා..අනේ අම්මපා ගෙදර ගෙනැත් දුං අල්ලන්න හිතෙනවා..

ඕං තව ඇත්තෝ කට්ටියක් ලයිට් කණු උඩ ටටා කියා ගත්තු ගමන් මයි. අනේ ඉතිං දැක්කාම දුකේ බෑ අපි ගැනම.මොකැ ඉතින් මේ ඇත්තෝ මනාප පොරෙන් පස්සේ කවුන්සිලේට ගියාම මනාප දුන්නු ඇත්තොන්ට ටටාම තමයිනේ අයිබෝං...

කෝමිං කෝම හරි මේ ඇත්තෝ දින්නාවේකෝ... හැබැයි ඉතිං වෙනදා වගේම මනාපෙ දීලා අපේ ඇත්තොන්ට පස්ස බිම ඇණගන්න වෙයිද කියලා අම්බලන්ගොඩයාට හැකයි. මොකෑ කියනවනං උන්නැහේ මේ ඇත්තෝ ආයේ දෑහට දකින්න තව කාලාංතරයක් බලං ඉන්ට වෙනවා නෙව.එතකං ඉතිං ඔය ඉටිකිරිස් මූණු ටික බලලා හැනහෙමු.

ඔන්න ඕකයි සංතෑසිය ආයිබෝං...

ඕං ඉතිං ඔය අල්ල පනල්ලේ අම්බලන්ගොඩයාටත් හිතුනා මනාපෙ ඉල්ලන්න ඕන කෙහෙල් ගෙඩියක් වෙච්චාවේ කියලා අම්බලන්ගොඩයාටත් මනාපයක් දාලා යන්නකෝ... ඕං පල්ලේ තියනවා අංකෙයි සලකුණයි...




එහෙනං...
මට ජය වේවා...!





අවසරයි ඇත්තෝ...!


හික් ! හික් ! හික් ! හික්...!
ඕං ඉතිං අම්බලන්ගොඩයත් කරලියට එන්නයි කියලා.
ඉතිං කොහොමදෑ ඇත්තෝ වාසේ දේසේ.
විගඩං ඇති බොලව් දැන්...
ඕං හැමෝන්ටම ආවඩා.... ආයුබෝ.... කියලා පටාං ගමු...
ආවඩා.... ආයුබෝ....!
හොද හොද සෙල්ලං එළිවෙන ජාමෙට...ඉස්පාසුවක් තියෙන වෙලාවක ඇවිත් යන්න ආයිබොවං...