Sunday, May 1, 2011

Royal Wedding ( නොද..KING )

පුහ්...!
ලෝක පුරසිද්ද කොරලා මහා ලොකුවට ගත්ත වෙඩිම නොවැ රෝයල් වෙඩිං. අම්බලන්ගොඩයාටත් හිතුනා යමක් කියන්න.


ඔන්න ඔය රෝයල් වෙඩිම ලංකාවේ අපට වැදගත් දෙයක්ද? අනේ මම නං හිතන්නේ නෑ.


කල්පනා කරලා බලහල්ලා කොයි තරම් නාස්තිකාර වැඩක්ද ඕක.
ඔය මගුලට ගිය සල්ලි වලිං දුප්පත් රටවල් කීයකට අධාර දෙන්න තිබුණද?
ඔය මගුලට ගිය සල්ලි උන්ගේම රටේ උපයපු එව්වද? නෑ...නෑ... දුප්පත් රටවල් වලින් සූරන් කාපු එව්වත් බහුතරයක්..
නොදකිං කාරනේ කියන්නේ මේ මගුල අපේ මගුලක් කොර ගත් උනුත් ඉන්නවානේ.


අනේ අම්මාපා ලැජ්ජ නැති හැටි.
  • සමහරක් මේ මගුල බැලූවා කියලා ආරංචියි දාහක් වැඩ පාඩු කොරං
  • සමහරක් මූණු පොතේ පිංතූරු වල දාගෙන
  • සමහර ආයතනත් එව්වටම ආවැඩුවා කියලා ආරංචියි... (සමහර සැටලයිට් ටීවි වලින් නොමිලේම බලන්න දුන්නා කියන්නේ)
  • .
  • .
          ect


නොද...king


හත් ඉලව්වේ  ඕකට තමයි කියන්නේ සුද්දාගේ කීක්...! කීක්....! කීක්.....! කී.... ( බලධරයා විසින් කපා හරින ලදී. )


බොලව් සිංහලූනේ... සුද්දා උන්ගේ මගුල කාපුදෙන්.තොපි ඒකට ආවඩන්නැතිව හිටු.තොපි උන්ගේ ජොගි වලට ආවඩනවා කියන්නේ...1948 පර සුද්දාගෙන් ලක් මව් බේරා ගන්න ජිවිතය පුජා කරපු අපේ වීරයොන්ට කරන නව නිංගිරාවක්.


අපේ මුතුන් මිත්තෝ මිනී වලවල් වල ඉදන් සාප කරයි බොලව්.!
කුජ්ජං නොවී ඉන්න බලහල්ලා...